Wednesday, 25 December 2019

ලෝකයේ වැඩියෙන්ම බාවිතා වෙන ඒ කියන්නේ අංක එකේ මල් වර්ගය තමා රෝස කියන්නේ. ආදරවන්තයන්ගේ සංකේතය වගේම යහළුකමේ සංකේතය විදියටත් රෝස භාවිතා වෙනවා. ලංකාව තුල එතරම් ප්‍රචලිත නොවුනත් රෝස කියන්නේ ලෝකයේ ඉතා ඉහල ඉල්ලුමක් තියන දිනකට බිලියන ගණනක් අලෙවි වෙන මල් වර්ගයක්. 

ලෝකයේ වැඩියෙන්ම බාවිතා වෙන ඒ කියන්නේ අංක එකේ මල් වර්ගය තමා රෝස කියන්නේ. ආදරවන්තයන්ගේ සංකේතය වගේම යහළුකමේ සංකේතය විදියටත් රෝස භාවිතා වෙනවා. ලංකාව තුල එතරම් ප්‍රචලිත නොවුනත් රෝස කියන්නේ ලෝකයේ ඉතා ඉහල ඉල්ලුමක් තියන දිනකට බිලියන ගණනක් අලෙවි වෙන මල් වර්ගයක්. කපු මලක් වගේම ගෙවත්තේ අලංකාරයට වගා කරන්න පුළුවන්, බදුන්ගත වගාවක් ලෙසත් භාවිතා කරන්න පුළුවන් මල් වර්ගයක් තමා රෝස කියන්නේ. ලෝකේ මල් වර්ග වලින් පොඩි ළමයාගේ ඉදන් මහල්ලා දක්වා හැමෝම දන්නා දැකල තියන මලක් තමා රෝස කියන්නේ. ඒ තරම් රෝස මල ජනප්‍රියයි. ලංකාවේ මහා පරිමානව නැති උනත් කැපු මලක් ලෙස රෝස වගා කරනවා. ලංකාව තුල මල් සම්බන්ද ගොඩනැගුන සංස්කෘතියක් නැතත් රෝස කියන්නේ වගාවක් විදියට පටන් ගත්තොත් හොද ලාබයක් ලබන්න පුළුවන් මල් වර්ගයක්. ඒ වගේම ඕනෑම පරිසර තත්වයක පරිසරයක උද්‍යාන පාලනයේදී යොදා ගන්න පුළුවන් මලක් තමා රෝස කියන්නේ. මෙ ඔක්කොටම වඩා රෝස කියන්නේ හොද රුපලාවන්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍යක්. අතීතයේ ඉදන් ලෝකේ පැරණිම ස්වභාවික රුපලාවන්‍ය අමුද්‍රව්‍ය විදියට රෝස භාවිතා කරනවා. ඔසු වර්ග, සුවද විලවුන්, වෙනත් සුවද වර්ග, ආහාර සුවද වර්ග, සබන්, ක්‍රීම් වර්ග, තෙල් වර්ග, දහස් ගණනක් රුපලවන්ය නිෂ්පාදන වලට රෝස භාවිතා කරනවා. ඒ වගේම ඔබ දන්නවද සමහර රටවල් ආහාරය සදහාද රෝස වගා කරනවා. 

නිවැරදි රෝස මල් වගාවක් සදහා පස සහ භූමිය සකස් කිරීම 

දේශීය මෙන්ම විදේශීයව ඉහළ ඉල්ලුමක් පවතින රෝස මල් වගාව කෙරෙහි වැඩි දෙනකුගේ අවධානය යොමුව පවතින අතර ලොකු කුඩා අප කවුරුත් රෝස මල කෙරෙහි දක්වන්නේ අසීමිත ආදරයකි. වර්තමානයේ එක් රෝස පඳුරක් වත් නොමැති නිවෙසක් හෝ ගෙමිදුලක් දක්නට නොලැබෙන්නේ ද ඊට ඇති අපිරිමිත සෙනෙහස නිසාවෙනි.සාමාන්‍යයෙන් රෝස වගාවක නිරත වන්නේ නම් මනා ඉවසීමක් තිබිය යුතු අතර ඒ කෙරෙහි වැඩි අවධානයක් ද යොමු කළ යුතුවේ. විශේෂයෙන්ම පරිසරයට ගැළපෙන ලෙසින් තම සිතැඟි පරිදි රෝස ගසක් හෝ වගාවක් නිර්මාණය කර ගැනීමේ දී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර ඒ සඳහා වැඩි කැපවීමක් ද කළයුතු වේවි.අනෙකුත් මල් වගා කිරීමේ දී මෙන්ම රෝස වගාවේ දී ද වගා භූමිය සහ පස පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුවේ. විශේෂයෙන්ම මෙම රෝස වගාවට යෝග්‍ය වන්නේ හොඳින් ජලවහනය සිදුවන තරමක් ආම්ලික පසකි.සාමාන්‍යයෙන් රෝස පාත්තිවල සිටුවිය හැකි අතර බඳුන්ගත වගාවක් ලෙසින් ද පවත්වාගෙන ගිය හැකිය. මෙහිදී පිහිටි පොළොවේ පාත්ති සකස් කරන්නේ නම් පසේ ස්වරූපය අනුව එය කළ යුතුය. රෝස පැළය සිටුවීමට ගැඹුර අඩි 1 1/2, 2 අතර ප‍්‍රමාණයේ වළවල් සැකසිය යුතු අතර පාත්තිය වටා ජල වහනය සඳහා ක‍්‍රම යෙදිය යුතුවේ. වගා භූමියට වඩා උසින් සිටින ලෙස (පස් උඩට ගොඩ කර) මෙහිදී පාත්ති සකස් කළහැකි අතර පහත මිශ‍්‍රණය භාවිතා කළ යුතු වේ.මතුපිට පස් කොටස් 1කොළ පොහොර කොටස් 1හොඳින් දිරා ගිය ගොම කොටස් 1/2වැලි කොටස් 1/2බඳුන් ගත රෝස වගාවක් පවත්වා ගෙන යන්නේ නම් ඒ සඳහා සුදුසුම කාලය වන්නේ සැප්තැම්බර් මාසයයි. මේ සඳහා මැටි බඳුන් භාවිතා කළ යුතු අතර පැළ සිටුවීමට ප‍්‍රථම බඳුන පිරිසුදු කර ගන්න. අනතුරුව භාජනය පතුල සිදුරු කර ජලවහනයට උචිත පරිදි සකසා පහත වගා මිශ‍්‍රණය යෙදිය යුතුය.ලොම් පස් කොටස් 1කොළ කොටස් 1/3දිරූ ගොම කොටස් 1/2වැලි කොටස් 1/3දැව අළු කොටස් 1/6මෙම වගා මිශ‍්‍රණය යෙදීමට ප‍්‍රථම බඳුන පතුලේ සිදුර වක‍්‍ර උළු කැට කැබැල්ලක් වසා ඒ මත බොරළු තට්ටුවක් අතුරන්න. ඊට ඉහළින් වියළි කොළ තට්ටුවක් අතුරා ඒ මත වගා මිශ‍්‍රණය යෙදිය යුතු වේ.සාමාන්‍යයෙන් පාත්තියක රෝස පැළ සිටුවීමේදී දිග පැත්තට සමාන්තරව පැළ සිටුවිය යුතු අතර පේළි අතර පරතරය තැබිය යුතු වේ. මෙහිදී කුරු රෝස සඳහා අඩි 1 ×1 × 1 පරතරයත්, වැල් රෝස සඳහා අඩි 10 X 10 X 10 පරතරයත්, හයිබි‍්‍රඩ් ටී රෝස සඳහා අඩි 1 1/2 ×1 1/2 ×1 1/2 පරතරයත්, ප්ලොරි බුණ්ඩා රෝස සඳහා අඩි 2 × 2 ×1/2 පරතරයත් තිබිය යුතු වේවි.පැළ රෝපණය තරමක් පහසු කාර්යයක් වුවද මුල් නොකැඩෙන ලෙසින් එය සැලකිලිමත්ව කළ යුතු අතර සිටුවා මාස හතරක් හෝ පහක් ගත වූ පසුව දළ කප්පාදුවකට ලක්කොට නිරෝගී අංකුර වර්ධනය කරගත යුතුය.රෝස පැළයක් අංකූර වැඩීමේදී සහ මල් පිපෙන කාලයේදී සති දෙකකට වරක් දියර පොහොර යෙදීමත් ඉතා වැදගත්. 


රෝස පැලයක් සාදාගන්නා අයුරු , නඩත්තු කරන නිවැරදිම ක්‍රම 

අලංකාරය පිණිස මෙන්ම අලේවිය පිණිස වවන මල් අතර ප්‍රමුඛ තැනක් හිමිවන මල් වර්ගයකි රෝස. රෝස වලට ඇති වැඩි කැමැත්ත නිසා මල් පැල ගෙනත් සිට වුවද ටික දවසක් යන විට මල් පැලය සරු වට නොවැඩිම, මල් හට නොගනිම ,නොයෙකුත් රෝග වැළදිම නිසා වැනි කරුණු නිසා රෝස පැල වගාව ආසාර්ථක වෙයි.නමුත් ඔබ රෝස පැලයක් නිවැරදිව සාදාගන්නෙ කෙසෙද යන්න ගැන දැණුමක් තිබුණානම් ඉහත ගැටළු වලට විසදුම් සොයා ගැනිම පහසු වන අතර සාර්ථකව රෝස පැල නිරෝගිව පවත්වාගත හැකියි.ඒ සදහා පහත දේ ගැන අවධානය යොමුකරන්න.ඔබ සිටවිම සදහා ගෙන එක රෝස පැළය සිටවිමට පෙර ඔබ පාත්තියක් සකසා පැළ සිටුවන්නෙ නම්මෙ හිදි පාත්තිය සකසා ගැනිම ඔබ වැවිමට තිරිණය කරන රෝස වර්ගය අනුව තිරණයක වෙයි.ඒ අනුව පැළ ප්‍රමාණය අනුව හයිබ්‍රට් ට්‍රී රෝස සදහා ,පැළ දෙකක් අතර පරතරය අඩි03 සිටිනසේ පාත්තිය සකසා ගත යුතුයි.ඔබ තෝරාගත් රෝස පැළ කුරු රෝස නම් එවා මිටි නිසා රෝස ගස් දෙකක් අතර පරතරය අඩියක් විය යුතුය.නැත්නම් ඔබ වැල් රෝස වගා කිරිමට තිරණය කර ඇත්නම් ගස් දෙකක් අතර පරතරය අඩි 10ක් සිටිනසේ පාත්තිය සකසා ගන්න.මට අමතරව පොළව මත රෝස පැලයක් සිටුවන විට අඩි 1 1/2 සහ 2 ප්‍රමණයේ වලක් සැදිය යුතු අතර පස් වගා භූමියෙන් මදක් ඉහලට වනසේ පස් ගොඩකර ජලය බැසයන සේ සැකසිය යුතුයි.රෝස පැලයක් පොච්චියක සිටුවනවානම් මේහිදි ප්‍රමාණයෙන් විශාල පොච්චියක් තෝරාගැනිමට සැළකිලිමත් වන්න. ඊට අමතරව මැටිවලින් නිමවු පොච්චියක් නම් එය වඩාත් උචිත වේ.පොච්චියක පැලයක් සිටවු පසු දින 10ක් පමණ යනතුරු සේවන ලැබෙන සේ තබා, ජලයද දමන්න. 

2 අවශ්‍ය වගා මාධ්‍ය සහ එය සකසා ගැනිම රෝස පාත්තියක නම් :ඔබ රෝස පාත්තියක වගා කිරිමෙදි වගා මාධ්‍ය ලෙස පස් කොටස් 1/කොළ පොහොර කොටස් 1/හොඳින් දිරා ගිය ගොම කොටස් 1/2/වැලි කොටස් 1/2/ලෙස තෝරාගත යුතුයි.රෝස පැළයක් පොච්චියක සිටුවනවානම්:මේ සදහා වගා මාධ්‍ය ලෙස/ලොම් පස් කොටස් 1/කොළ කොටස් 1/3/දිරූ ගොම කොටස් 1/2/වැලි කොටස් 1/3/දැව අළු කොටස් 1/6 ලෙසයි.ඊට අමතරව පොච්චිය පතුලේ සිදුරු කර ඒ මත වක්‍ර උළු කැට තබාඒ මත බොරළු තට්ටුවක් අතුරන්න.ඊට ඉහලින් වියලි කොළ තට්ටුවක් අතුරා ඉහත සාදාගත් වගා මිශ්‍රණයෙන් පොච්චිය පුරවා පැළය සිටුවන්න.රෝස වලට හැදෙන රෝග සහ පීළියම් කළුපුල්ලි රෝගය – රෝස ගසට වැළදෙන ප්‍රධාන රෝග අතරින් කළුපුල්ලි රෝගය වැදගත්ය. මෙම අවස්ථාවේදි පත්‍ර කහ පාටවිම , කළු පුල්ලි ඇතිවීම ,රෝග ලක්ෂණ වන අතර වර්ෂාවත් සමග රෝගය පැතිර යයි.මේ සදහා පීළියම් ලෙස ප්‍රොපීනොබ් ,අඩංගු දිලීර නාශකයක් හෝ බීනොවිල් අඩංගු නාශකයක් යෙදීමෙන් එය පාලනය කරගත හැකියි පසු මැරිමේ තත්වය – මෙහිදි මුල සිට ඉහලට කළුපාට වන අතර තෙතමනය අධිකවිම නිසා සිදුවේ.මලෙස කළුපැහැ ගැන්වු අතු කපා ඉවත් කිරීම වඩාත් සුදුසුයි.සුදු පුස් රෝගය – මෙම තත්වයේදි ළපටි පත්‍ර අතු හා පිපීගෙන එන පොහොට්ටුවල කළු පුල්ලි සළකුණු දැකිය හැකි අතර පසුව ක්‍රමයෙන් මෙය කහ පැහැයට හැරෙනු දැකිය හැකියි.මේ සදහා බිනොමල් අඩංගු රසායනයක් යෙදීමෙන් මර්දනය කලහැකි වේ.කූඹින්ගෙන් සිදුවන හානි සදහා – කූඹින්ගෙන් ද රෝස වගාවට හානි සිදුවන බව ඔබ දන්නවාද මෙහිදි කූඹීන් විසින් කොළවල යුෂ උරා බීම නිසා ගස් ඉතා ඉක්මනින් විනාශ වේ.මේ සදහා ගසට උරා ගන්නා පළිබෝධයක් ඉසීම මගින් මර්දනය කල හැකි වේ.පිටි මකුණා – මෙම තත්වය යටතේදි මෙම කෘමියා පත්‍රවල යටි පැත්තේ යුෂ උරා බොන අතර සුදු පැහැති පවුඩර් විශේෂයක් ලෙස මෙය දැකගත හැකියි. පළිබෝධයක් යෙදීම මගින් පාලනය කළ හැකිය.කොරපොතු කෘමියා – මේ කෘමියා පරණ අතු මත හා මුල් මත ජීවත් වෙමින් රෝස පැළය විනාශ කිරිමට කටයුතු කරයි.මේ සදහා සාමාන්‍යය පළිබෝධ නාශකයක් යෙදීමෙන් මර්දනය කල හැකි වේ.මීට අමතරව කුරුමිණියන් ,කුඩා පණු විශේෂ ,දළඹුවන් ,යුෂ උරාබොන කෘමීන්,මයිටයින් මර්දනය සදහා කෘමිනාශක යොදා පාලනය කල හැකිය.